කොවිඩ් 19 වෛරසය ඇතිදැයි බලන්න අහඹු නියැදි පරීක්ෂා කිරීමේ විශේෂ වැඩපිළිවෙලක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොවිඩ් 19 වෛරසය මෙරට තුල සාමජගතව ඇතිදැයි සොයා බැලීම සඳහා අහඹු නියැදි

පරීක්ෂා කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දියත් කර ඇත.

මෙම වැඩපිළිවෙල යටතේ සෑම දිස්ත්‍රික්කයකම සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයකම සෑම

මාසයක් තුළම ජනගහන අනුපාතයට සකස් කළ නියැදියක් අනුව පී සී ආර් පරීක්ෂන සිදුකරන බව

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත විද්‍යා ඒකකයේ ප්‍රධානී විද්‍යාඥ සුදත් සමරවීර මහතා මාධ්‍ය වෙත පැවසීය .

එහිදී මාසයකට අවම වශයෙන් PCR පරීක්ෂණ 37,000කට වැඩි ප්‍රමාණයක් සිදුවන බවද සමරවීර මහතා සඳහන් කර සිටී .

කොළඹ දිස්ත්‍රික්කය,කොළඹ නගර සභාව වැනි විශේෂ අවධානමක් පවතින ප්‍රදේශවල වැඩි පරීක්ෂණ ප්‍රමාණයක් සිදුකරන බවද සමරවීර මහතා පැවසීය .