නවතම පුවත්

සෑම දිස්ත්‍රික්කයකටම කසළ විදුලි බලාගාරයක්

අසංක

අසංක

පාරිසරික ගැටලුවක්ව පවතින කසලවලින් විදුලි උත්පාදනය කරන බලාගාරයක් සෑම දිස්ත්‍රික්කයකම පිහිටුවීමට රජය තීරණය කරයි.

එහි නියමු ව්‍යාපෘතියක්, ලබන මස මුලදී ආරම්භ කරන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.

පසුගියදා පැවති ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමකට සහභාගි වෙමින්, අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදී.

දෛනිකව කුණු ටොන් 700 ක් පමණ යොදා ගනිමින් මෙගාවොට් 10ක පමණ ධාරිතාවයක් ජාතික විදුලි පද්ධතියට දායක කිරීම සදහා ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

මෙම ව්‍යාපෘතියේ පළමු බලාගාරය, ගම්පහ දිස්ත්‍රික්කයේ හැඳල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ලබන මස මුලදී ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

පසුව සමස්ත දිවයින ආවරණය වන පරිද්දෙන් දිස්ත්‍රික්ක මට්ටමෙන් දියත් කිරිමට නියමිත මෙම විදුලි බලාගාර ව්‍යාපෘතිය, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරකරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේද සහාය ඇතිව ක්‍රියාත්මක කිරිමට ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා අදාළ අංශ වෙත මේ වනවිට උපදෙස් දී ඇත.

ඒ අනුව එක් එක් දිස්ත්‍රික්කයන්හි දෛනිකව ඉවතලන ද්‍රව්‍යයන් එක්රැස් කොට මෙම බලාගාර පද්ධතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

පොසිල ඉන්ධන වලින් තොර විදුලිබල ක්ෂේත්‍රයක් ගොඩනැගීමේ ජාතික ඉලක්කය ජයගැනීම වෙනුවෙන් විදුලිබල ක්ෂේත්‍රයේ දිශානතිය මේ වනවිට පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු කර ඇත.

විදුලි පාරිභෝගිකයන්හට අඛණ්ඩ, ගුණාත්මක මෙන්ම ලාභදායි සේවාවක් හිමිකර දීමට තමා විෂයභාර අමාත්‍යවරයා වශයෙන් කැපවි කටයුතු කරන බව පවසන අමාත්‍යවරයා, ඒ වෙනුවෙන් එල්ලවන අභියෝගයන් ජය ගැනීමට විදුලිබල අමාත්‍යාංශය ප්‍රමුඛ සෙසු ආයතනයන්ගේ සහාය ලැබී තිබෙන බවද පවසයි.

පාරිසරික වශයෙන් මේ වනවිට ව්‍යසනයක්ව ඇති කසල යොදාගනිමින් විදුලි උත්පාදනයට ඇති හැකියාව පිළිබදව විදුලි ක්ෂේත්‍රයේ අවධානය යොමුවී ඇතැයි පවසන අමාත්‍ය අලහප්පෙරුම මහතා, ඒ තුළින් පාරිසර දූෂණයෙන් තොර අලංකාර රටක් බිහිකිරීමේ සත් කාර්යයටද විදුලිබල ක්ෂේත්‍රයට දායකවිය යැකි බව ද වැඩිදුරටත් පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්