නවතම පුවත්

කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් ආරම්භ කෙරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ නගරය ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට පිලියම් ලෙස හංගේරියානු රටේ මූල්‍යාධාර මත ඉදිකෙරන මෙම කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීමේ කටයුතු නිලවශයෙන් මුල්ගල තබා ආරම්භ කිරීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සහ හංගේරියානු රජයේ වෙළඳ හා විදේශ කටයුතු අමාත්‍ය පීටර් සියාටෝ Peter Szijiarto මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) වන දින කොහුවල මංසංධියේ දී සිදු කෙරිණි.

කොහුවල මංසන්දියේ සිට කොළඹ – හොරණ 120 බස් මාර්ගයේ මෙම ගුවන් පාලම ඉදිකරනු ලැබේ . ගුවන් පාලම ඉදිකිරීමෙන් පසු ගුවන් පාලම පහලින් නුගේගොඩ – කළුබෝවිල මාර්ගය වෙත ගමන් කල හැකිය . හංගේරියානු ජන රජයේ මූල්‍ය පහසුකම් මත ඉදිකරන කොහුවල ගුවන් පාලම දිගින් මීටර 297ක් වන අතර පළල මීටර 9.4 ක් වේ.

මීට අමතරව ගුවන් පාලමේ පාලමේ පහළ කොටසේ වාහන ගමනාගමනය සඳහා මංතීරු 4ක මාර්ගයක් ඉදිකරන අතර නුගේගොඩ කලුබෝවිල මාර්ගයේ වාහන හැසිරවීම ආලෝක සංඥා (traffic signals )මගින් පාලනය කිරීමට කටයුතු යොදා ඇත.මේ සඳහා ඇස්තමේන්තු ගත මුදල රු.මිලියන 2648වේ.මෙම ව්‍යාපෘතිය මාස 22 කින් නිම කිරීමට අපේක්ෂිතය.

මෙම උත්සව අවස්ථාන ඇමතූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා,

හන්ගේරියානු රජයේ මූල්‍ය ආධාරවලින් තමයි මේ කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් අපි අද ආරම්භ කළේ. කොහුවල විතරක් නෙවෙයි. ගැටඹේ ප්‍රදේශයේත් අපි ගුවන් පාලමක් ඉදිකිරීම ආරම්භ කළා. ඒ වගේම මේ හන්ගේරියානු මූල්‍යාධාර මත තවත් ගුවන් පාලම් 09 ක් හදන්න අපි බලාපොරොත්තු වෙනවා. විපක්ෂය කියනවා විදේශීය ආයෝජකයෝ අපේ රටට උදව් කරන්නේ නැහැ කියලා. මම හිතන්නේ කෙටි කාලයක් තුළ වැඩියෙන්ම රාජ්‍ය නායකයෝ සහ විදේශ අමාත්‍යවරු පැමිණි කාලයක් හැටියටයි මේ කාලය හදුන්වන්න පුළුවන්. ඒ නිසා විපක්ෂය කරපු හැම කතාවක්ම දැන් පුස්සක් වෙලා තියනවා කියන එක අපට කියන්න පුළුවන්.

අධිවේගී මාර්ග, ගුවන් පාලම් හැදුවත් රටේ ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා. මේ දේවල් තාවකාලික ප්‍රශ්න. ඩොලර් ප්‍රශ්නය කොවිඩ් අර්බුදය නිසා ඇතිවුණු ප්‍රශ්නයක්. අපිට විදේශ විනිමය අවශ්‍ය තරම් ලැබෙන්නේ නැහැ. රටවිරුවන් අපි එක්ලක්ෂ හැට අට දාහක් ලංකාවට ගෙනාවා. ඔවුන් පැමිණියේ ඔවුන්ට ඒ රටවල කොවිඩ් නිසා මැරෙන්න වෙයි කියන බයට. දැන් නැවත වාරයක් එක්ලක්ෂ විසි දාහක් පිට රට බලා ආපසු ගිහින් තියනවා. සති කිහිපයකින් මේ ප්‍රශ්න ටික විසදෙයි. අපිට තිබුණේ මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න. ඒ දේ අපි උපක්‍රමශීලීව කළා. ඩොලර් වියදම් කරලා අපි ගෙනාවේ එන්නත්. එන්නත් ලබා දීලා කොවිඩ් අර්බුදය පරාජය කරපු ලෝකයේ ප්‍රධාන රටවල් පහ අතර අපේ රට ඉන්නවා. අපි ජනතාවගේ ජීවිත බේර ගත්තා. විපක්ෂය කියනවා අපේ රට බංකොලොත් වෙලා කියලා. අපි මේ ඩොලර් ප්‍රශ්නය විසඳා සංචිත ශක්තිමත් කරනවා. අපි ඉතාමත් විශ්වාසයෙන් ජනතාවට කියනවා අපි මේ රට සංවර්ධනය කරනවා කියලා.

දැන් ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගැන නොයෙකුත් කතා විපක්ෂය ගොතනවා. මේ සියල්ල දේශපාලන වාසි ගන්න ඔවුන් කියන දේවල්. ඒ නිසා මේ රජය ගැන කිසිම සැකයක් තියාගන්න එපා. මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණු දියුණුව අපි ඇති කරනවා.

මෙම අවස්ථාවට හංගේරියානු පාර්ලිමේන්තු මන්ත්‍රී පීටර් චෙරස්, හංගේරියානු රජයේ විදේශ කටයුතු ලේකම් ලාස්ට් ලෝ වාරෝදි, මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්. ඩබ්. ආර්. පේමසිරි ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්