නවතම පුවත්

නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ඇරඹෙයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරින .

පෙරවරු 10.30 ට යෙදුණු සුබ මොහොතින් සමරු ඵලකය නිරාවරණය කරමින් ජනාධිපතිවරයා එහි ඉදිකිරීම් ආරම්භ කළේය . අනතුරුව ජනාධිපතිවරයා කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් නිල වශයෙන් ආරම්භ කළ බවට සංඥාව නිකුත් කළේය .

හෙක්ටයාර් 75ක විහිදී ඇති කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මීටර් 1,320 කින් යුක්තයි. ඒ සදහා වැය කෙරෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 900 ක්. එම ඉදිකිරීම් 2024 වර්ෂයේ ජූලි මාසයේ අවසන් කිරීමටයි සැලසුම් කර ඇත

එහි පළමු අදියර යටතේ මීටර් 600 ක කොටසක් ඉදිකෙරෙන අතර එහි ඉදිකිරීම් කටයුතු ලබන වසරේ ජූලි මාසයේදී අවසන් කිරීමට නියමිතය.

එස් ටී එස් දොඹකර 6 ක් සහ ආර් එම් ජී දොඹකර 20 ක් පළමු අදියරේදී ස්ථාපිත කිරීමට නියමිතව තිබෙ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ දෙවන අදියරේ ඉදිකිරීම් ලබන වසරේ ජනවාරි මස ආරම්භ වන අතර එහිදීද තවත් එස් ටී එස් දොඹකර 3 ක් සහ ආර් එම් ජී දොඹකර 20 ක් ස්ථාපිත කිරීමට නියමිතය

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉදකිරීම හරහා ශ්‍රී ලංකා ආර්ථිකයද ශක්තිමත් කිරීමට හැකිවනු ඇති බව උත්සව සභාව අමතමින් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පැවසුවේය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්