නවතම පුවත්

කොහොම කිව්වත් තෙල් මිලත් ඉහළ යන හැඩක්

Roshan

Roshan


පැතුම් වික්‍රමරත්න

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී විෂය භාර අමාත්‍යවරයාට ඉන්ධන මිල ගැළපීමක් කිරීමට සිදුවන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (12) පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවේදී පැවසී ය.

”මාසයකට කෝටි 1000ක් පමණ අලාභයක් විඳින බව ඊයේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ වුණා. ඒ අලාභය විඳින්නෙ ජනතාව. එතුමට මිල ගැළපුමක් කරන්න සිද්ධ වෙනවා. එය කවර අවස්ථාවකදී සිදු කරන්නේ ද යන්න පිළිබඳව මුදල් අමාත්‍යංශය සහ අනෙකුත් ක්‍රමවේද පිළිබඳ සාකච්ඡා කරලා බලයි”

අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ, කැමත්තෙන් හෝ අකමැත්තෙන් වුව ද රට තුළ නිෂ්පාදනය නොකරන භාණ්ඩයක් ලෝකයේ පවතින මිලට ලබා ගැනීමට සිදු වන බවත් වැඩි මිලට ඛනිජ තෙල් මිලදී ගෙන අඩු මිලට ලබා දීමට විෂයභාර අමාත්‍යවරයාට හැකියාවක් නොමැති බවත් ය.

”ලෝක වෙළඳපොළේ රු. 100 පනිනවා. හෙට අනිද්දා තෙල් බැරලයක මිල ඒක නිසා ඛනිජ තෙල් මිල වැඩිවෙනවා. ගෑස්මිල වැඩි වෙනවා. කිරිපිටි මිල වැඩි වෙනවා. පරිප්පු මිල වැඩි වෙනවා. වසංගතයෙන් පසු හැමදාම ඇවිල්ලා තියෙන්නෙ සාගතයක් ලෝකයේ”

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ලොව අනෙකුත් සෑම රටකම පාහේ අත්‍යාවශ්‍ය සේවාවල මිල මෙරට මිල ගණන්වලට වඩා ඉහළ අගයක් ගන්නා බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්