නවතම පුවත්

මෙහෙම ගියොත් රටේ අධි උද්ධමනයක්!

Roshan

Roshan


ප්‍රබෝධා හෙට්ටිආරච්චි
.
රට තුළ මතුව ඇති මෙම උද්ධමනකාරී වාතාවරණය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් මුදල් මුද්‍රණය කළහොත් අධිඋද්ධමන තත්ත්වයක් ඇති විය හැකි බවට ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා අනතුරු අඟවා තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙරට උද්ධමනය සියයට 5.7ක් වන අතර එය මේ මාසයේ සිට තවත් ඉහළ යනු ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා වැඩිදුරටත් මේ අදහස් ද පළකළේය.

“උපරිම සිල්ලර මිල ක්‍රියාත්මක කිරීම මගින් වෙළෙඳපොළ මර්දනය කිරීමට තමයි කටයුතු කරලා තියෙන්නේ. ගැසට් ඉවත්කර ගත් පසුව හරියට අර ප්‍රෙෂර් කුකර් එකක ඇතුළත වැඩි දියුණුවෙලා තිබෙන ප්‍රෙෂර්  එක සේෆ්ටි වෑල් එක හරහා එළියට පනිනවා වාගේ අද වෙළෙඳපොළ තුළ එළියට පැනලා තිබෙනවා. මහ බැංකුව මුදල් නෝට්ටු මුද්‍රණය කරලා මේ ඇති වුණ මිල වැඩිවීමට බලයක් සැපයීම වුවහොත් ඇත්ත වශයෙන්ම සිදුවන්නේ අර එකවරක් පමණක් වැඩි වුණ මිල වැඩිවීම සදාකාලික මිල වැඩිවීමක් බවට පත්වෙලා අධි උද්ධමනයක් බවට වුණත් මේක පත්වෙන්න පුළුවන්. “

ගෙවුණු සතියේ මෙරට ප්‍රධාන පාරිභෝගික භාණ්ඩ රැසක මිල ගණන් ඉහළදැමුණු අතර ක්‍රමානුකූලව එළවළු පලතුරු වැනි සෙසු භාණ්ඩවලද මිල ඉහළ යාමක් වෙළෙඳපොලේ දක්නට තිබේ.

මෙම භාණ්ඩ මිල ඉහළ යාමට එරෙහිව ඊයේ (12) දිවයිනේ ප්‍රදේශ කිහිපයකම විරෝධතා පැවැත්වුණි.

අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ රැසක මෙලෙස මිල ඉහළ දමන ලද්දේ පෞද්ගලික සමාගම් සහ ආනයනකරුවන් වන අතර ඊට හේතුවූයේ රජය විසින් පනවා තිබූ පාලන මිල සීමා ඉවත් කිරීමයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්