නවතම පුවත්

කොළඹ ඉඩම් මිල ඉබි ගමනක

අසංක

අසංක

කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය ගිය වසරේ දෙවන භාගයේ දී 7.1% ක සාපේක්ෂව අඩු වාර්ෂික වර්ධන වේගයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

මේ තත්ත්වය නේවාසික, වාණිජ හා කාර්මික යන එහි අනු දර්ශක තුනෙහි ම පිළිවෙලින් 8.8%, 6.7% සහ 5.9%ක ලෙසින් දක්නට ලැබෙන බව මහබැංකුව නිකුත් කළ නවතම දත්ත මගින් පෙන්වා දෙයි.

අර්ධ වාර්ෂික පදනමින් ද මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කරමින් ඉඩම් තක්සේරු දර්ශකය 2023 වසරේ පළමු භාගයට සාපේක්ෂව දෙවන භාගයේ දී 2.1% ක සුළු වර්ධනයක් වාර්තා කරන ලදී.

මේ සඳහා 2023 වසරේ පළමු භාගයට සාපේක්ෂව දෙවන භාගයේ දී කාර්මික අනු දර්ශකය අඩු වේගයකින් වර්ධනය වීම ප්‍රධාන වශයෙන් බලපෑ අතර වාණිජ හා නේවාසික අනු දර්ශකවල අඩු වර්ධනය ද තවදුරටත් හේතු වූ බව මහබැංකුව කියයි.

රජයෙ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් අර්ධ වාර්ෂිකව එක්රැස් කරගනු ලබන හිස් ඉඩම් පර්චසයක් සඳහා වන මිල ගණන් මේ සඳහ භාවිතා කෙරේ.

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5 ක් ආවරණය වන පරිදි 1998 සිට 2008 දක්වා වාර්ෂිකව ද 2009 සිට 2017 දක්වා අර්ධ වාර්ෂිකවද ඉඩම් මිල දර්ශකය සකස් කර ඇත.

ඉන්පසු 2017 වසරේ සිට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ම ඇතුලත් වන පරිදි මෙම දර්ශකයේ භූගෝලීය ආවරණය පුළුල් කර, පදනම් වර්ෂය 2017 පළමු භාගය ලෙස සංශෝධනය කරන ලදී. මෙම ඉඩම් මිල දර්ශකය 2020 වසරේ සිට ඉඩම් තක්සේරු දර්ශකය ලෙස ප්‍රතිනාමකරණය කරන ලද අතර එය අර්ධ වාර්ෂිව ප්‍රකාශයට පත් කෙරේ.

ඉඩම් භාවිතය සම්බන්ධයෙන් පවත්නා විවිධත්වය සහ සමජාතීත්වය පවත්වා ගැනීමේ අවශ්‍යතාව යන කරුණු සැලකිල්ලට ගනිමින් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ඒ ඒ ප්‍රදේශයේ එක් එක් කාණ්ඩයට අයත් ඉඩම් පර්චසයක සාමාන්‍ය මිල උපයෝගි කර ගනිමින් නේවාසික, වාණිජ හා කාර්මික ඉඩම් කාණ්ඩ සඳහා අනු දර්ශක තුනක් ගණනය කරනු ලැබේ. එම අනු දර්ශක තුනෙහි සාමාන්‍යය ඇසුරෙන් ඉඩම් තක්සේරු දර්ශකය ගණනය කරනු ලැබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්