නවතම පුවත්

නවම් පුර පොහොය අදයි

අසංක

අසංක

ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම ලෝකවාසී බෞද්ධ ජනතාවටද, අදට යෙදී ඇති නවම් පුර පසළොනවස්වක පොහොය දිනය අතිශය වැදගත් දිනයකි.

සම්බුද්ධ ශාසන නැමැති රත්නාකරයෙහි පහළ වූ මහාර්ඝ රත්නයක් බඳු වූ සැරියුත් සහ මුගලන් මහරහතන් වහන්සේලා සම්බුදු සසුන්හි බුදුන් වහන්සේගේ අගසවු තනතුරු ලබන ලද්දේත් නවම් පුනු පොහෝ දිනයක ය.

සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ දෙනමගේ පිරිනිවන් පෑමෙන් පසු බුදුරජාණන් වහන්සේ රජගහ නුවරින් නික්ම ගොස් චාපාල චෛත්‍ය කරා වැඩම කරවීම ද මෙම පොහොය දිනයේ දී සිදුවි තිබේ.

මහාකාශ්‍යප තෙරුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව සිදු වී තිබීම නවම් පොහොය දිනයක සිදුවූ උත්කර්ෂවත් අවස්ථාවකි .

ඕවාද ප්‍රාතිමෝක්ෂය නමින් පටු ආකල්ප බැහැර කොට සමාධිගත දිවි පෙවතකට සඟරුවන යොමු කරවීමේ දේශනාව බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ ද අද වන් වූ උතුම් නවම් පුන් පොහොය දිනයකයි.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මසකට ප්‍රථමයෙන් ආයුසංස්කාරය හළේත් නවම් පුනු පොහෝ දිනයක ය.

සම්බුද්ධ ශාසන වංශ කථාවෙහි සඳහන් වන ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදුවූයේත් නවම් පුනු පොහෝ දිනයක ය.

මෙසේ සලකා බලන කල්හි නවම් පුනු පොහෝ දිනය බොදු බැතිමතුන්ගේ සිත් සැදෑ බැතියෙන් කුළු ගන්වන වැදගත් ශාසනික දිනයෙකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්