කොළඹ ඉඩම් මිල ඉහළට

Picture of අසංක

අසංක

ඉෂාර රත්නකාර

කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම්වල 18%කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් මිල 2017 දෙවැනි භාගයට සාපේක්ෂව 2018 දෙවැනි භාගයේදී 18%කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව සදහන් කර තිබේ.

මෙම 18%ක වැඩිවීම කොළඹ දිස්ත්‍රික්කය ආවරණය කරගනිමින් ගණනය කරන ලද ඉඩම් මිල දර්ශකයේ වර්ධනයක් ලෙස හදුන්වාදිය හැකි බව මහ බැංකුව කියාසිටියි.

එහිදී නේවාසික, වාණිජ හා කාර්මික යන ඉඩම් මිල දර්ශකයේ අනු දර්ශක 3හිම ඉහළ යාම මෙලෙස කොළඹ ඉඩම් මිල ඉහළ යාමට හේතු වී ඇතැයි මහබැංකුව පෙන්වා දෙයි.