නවතම පුවත්

කොළඹ ඉපැරැණි ගොඩනැගිලි යළි හැදෙන හැටි

අසංක

අසංක

කොළඹ නගරයේ පැරණි ගොඩනැගිලි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි පිළිසකර කර යළි ප්‍රයෝජනයට ගත හැකි සේ සකස් කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නාගරික සංවර්ධන අධිකාරියට ලබාදී ඇති උපදෙස් පරිදි කොළඹ නගරයේ පැරණි ගොඩනැගිලි කිහිපයකම ප්‍රතිසංස්කරණය කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇත

කොළඹ නගරයේ පැරණි ගොඩනැගිලි පෞරාණිකත්වය ආරක්ෂාවන ආකාරයෙන් පිළිසකර කිරීමේ වැඩසටහන යටතේ ගෆූර් ගොඩනැගිල්ලද මේ වනවිට ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන ඇත.

පුරෝගාමී ස්වර්ණාභරණ හා මැණික් වෙළඳ ව්‍යාපාරිකයෙකු වන නුර්දින් හජ්ජියාර් අබ්දුල් ගෆූර් මහතා විසින් මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ මීට වසර 105 කට පමණ පෙරය.

මහල් 5 කින් සමන්විත වර්ග අඩි 8250 කින් යුත් එම ගොඩනැගිල්ල කුට්ටි හැඩයෙන් යුක්තය.

මෙම සුවිසල් පෞරාණික ගොඩනැගිල්ල කොළඹ වටිනාකම වැඩිකළ නිර්මාණයක් වශයෙන් ද හැඳින්වේ.

මෙහි ඇති පෞරාණික බව නිසාවෙන්ම එය 2000 වසරේ ඔක්තෝම්බර් 04 වැනිදා පුරාවිද්‍යා ස්ථානයක් ලෙස පුරාවිද්‍යා ආඥාා පනත යටතේ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රසිද්ධියට ද පත්කර ඇත.

මෙහි ඇති පෞරාණික වටිනාකම අධ්‍යනය කිරීමෙන් අනතුරුව වර්තමාන රජය මෙය ප්‍රතිසංස්කරණය කරනු ලබන්නේ එහි පෞරාණික උරුමයන් ද ආරක්ෂා වන පරිදිය.

මෙම ගෆූර් ගොඩනැගිල්ලේ පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි ප්‍රතිසංස්කරණ කටයුතු වසර 2015 ආණ්ඩු පෙරලියට පෙර ආරම්භ කළ ද පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේදී මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ද නතර වී තිබේ.

ගෆූර් ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 620 කි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්