නවතම පුවත්

කොළඹ නගරයේ රථවාහන ගාල් කිරීමේ මීටරයෙන් රුපියල් මිලියන 400 තවත් පාඩුවක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොළඹ නගරයේ රථවාහන ගාල් කිරීමේ මීටර සවිකිරීමට අදාළ කොන්ත්‍රාත්තුව භාරදී ඇති සමාගම මේ වනවිට එම කොන්ත්‍රාත් ගිවිසුම අමු අමුවේ උල්ලංඝනය කර ඇති නමුත් අදාළ සමාගමට තවත් මාස හයක් එම ටිකට් නිකුත් කිරීම සඳහා අවසර ලබාදීමට කොළඹ මහනගර සභාව පියවර ගෙන ඇත .

මේ හරහා නගර සභාවට ඉදිරි මාස හය ඇතුලත රුපියල් මිලියන 400 කට අධික මුදලක් අහිමිවනු ඇති බවද කොළඹ නාගරික මන්ත්‍රීනි ශර්මිලා ගෝනවෙල මහත්මිය අප වෙබ් අඩවිය වෙත අනාවරණය කලාය .

මෙම මීටර සවිකිරීමේ කොන්ත්‍රාත්තුව භාරගත් සමාගම පසුගිය කාලය පුරාම ඒ හරහා ටිකට් නිකුත් කර මහජනතාවගෙන් අයකරගත් මුදල් නිසි ලෙස මහනගර සභාවට ගෙවා නැති අතර එසේ කොන්ත්‍රාතතුව උල්ලංඝනය කිරීමට අදාළ දඩ මුදල්ද ගෙවා නොමැත .

කෙසේ වෙතත් මෙම සමාගමට අදාළ මුදල් හා දඩය ගෙවීමට තවත් මාස හයක කාලයක් ලබාදීමට මෙන්ම , එම මාස හය ඇතුලතත් මහජනතාවගෙන් මුදල් අයකර ගැනීමට එම සමාගමට අවසරය ලබාදීමටත් මහනගර සභාව කටයුතු කර ඇත .

ඒ අනුව එම නීති විරෝධී සමාගමට ඉදිරි මාස හය ඇතුලතත් මහජනතාවගේ මුදල් අනිසි ලෙස ලබාගැනීමට අවස්තාව ලැබී ඇති බවත් මෙය බරපතල අසාධාරණයක් වන බවත් ගෝනවෙල මහත්මිය පැවසීය .

මුදල් යලි ගෙවීම සඳහා මාස හයක කාලයක ලබාදුන්නත් , එම කාල සීමාව තුල මහජනතාවගේ මුදල් තවදුරටත් අයකර ගැනීමට එම සමාගමට අවස්තාව ලබානොදිය යුතු බව ඇය අවධාරණය කර සිටියාය ,

නගර සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් මෙම සමාගම සමග විවිධ ගනුදෙනුවල යෙදෙමින් ඊට වාසිදායක වන ලෙස මෙසේ කටයුතු කරන බවද ඇය සඳහන් කලාය

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්