ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග කොළඹ නගරයේ වායු දූෂණය යලි ඉහළයමින් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කර සිටී .
ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක කළ කාල සීමාවේදී කොළඹ වායු දූෂණය අවම අගයක් ගත් බවත් එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ, සරත් පේ‍්‍රමසිරි මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත.
ඇඳිරි නීතිය පවතී කාලසීමාව තුල කොළඹ නගරයේ දූවිලි අංශු ප්‍රමාණයේ මට්ටම ලෙස මයික්රොග්රෑම් 10ක අගයක් සටහන්වී ඇති අතර මේ වනවිට මයික්රොග්රෑම් 18ක අගයකට එය ඉහල ගොස් ඇත.
. “රථ වාහන ගමනාගමනය සහ අනෙකුත් ක්‍රියාකාරකම් වැඩි වීමත් සමග මෙම තත්ත්වය ඇති වී ඇති බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කර සිටී .