කොළඹ වාහන තදබදය පාලනයට හමුදා පොලීසිය

Picture of අසංක

අසංක

කොළඹ රථවාහන පාලනය සඳහා යුද හමුදා පොලීසියේ සහය ලබා ගැනීමට රජය තීරණය කර තිබේ.

එහි මුල් අදියර යටතේ කොළඹ අධික රථවාහන තදබදය පවතින ස්ථාන හතරකට යුද හමුදා පොලිසියේ පොලීසියේ නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇත.

එලෙස රථවාහන තදබදය කළමනාකරණය සඳහා යුද හමුදා පොලීසිය යොදවන ස්ථාන සංඛ්‍යාව විස්සක් දක්වා ඉදිරියේ දී වැඩි කිරීමට නියමිතය.