නවතම පුවත්

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය ජේශ්ඨ සිසුන්ට වසා දැමේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය , එහි දෙවන, තෙවන හා සිව්වන අධ්‍යයන වර්ෂවල සිසුන් වෙනුවෙන් අද (19) සිට තාවකාලිකව වසා දමා ඇත.

කෙසේ වෙතත් පළමු හා අවසන් අධ්‍යයන වර්ෂවල සිසුන් සඳහා ආයතනය විවෘතව තැබෙන අතර ඔවුන්ගේ අධ්‍යයන හා විභාග කටයුතු නියමිත පරිදි පැවැත්වෙන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ප්‍රකාශ කර සිටී..

පිරිමි නේවාසිකාගාරයේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් එම පියවර ගෙන ඇති අතර ආයතන ප්‍රතිපත්ති මාලාවට අනුව නේවාසික පහසුකම් සැපයීමේදී අවසන් හා පළමු වසර සිසුන්ට සඳහා ප්‍රමුඛතාව ලබාදෙන බව පාලනාධිකාරිය සඳහන් කර සිටී.

දෙවන, තෙවන හා සිව්වන වසරවල සිසුන්ට නේවාසික පහසුකම් ලබා නොදෙන අතර ආයතනය යළි විවෘත කිරීමේදී ඔවුන් නේවාසික පහසුකම් සපයා ගත යුතු බවද පාලනාධිකාරිය වෙනුවෙන් එහි ප්‍රකාශිකාවක පැවසීය

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි