කොළඹ සක්‍රිය කළ වහාම වැඩකරන ජනතාව කොරෝනා පරීක්ෂාවට

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

කොළඹ නගරයේ දැනට වසා දමා ඇති කම්හල් හා සේවා ස්ථාන යලි විවෘත කිරීමේදී ඒවායේ සියලු සේවකයන් පීසීආර් පරික්ෂණයට යොමු කළ යුුතු බවට කොළඹ දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව තීරණය කර ඇත.

එම කම්හල හා සේවා ස්ථාන ආශ්‍රිතව කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගත බවද කමිටුව මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ කම්හල් විශාල පුමාණයක් ඇති අතර ඒවායේ සේවයේ නිරත පිරිස් විවිධ පුදේශවලින් පැමිණෙ. ඒ අනුව එම වයිරසය ශරීර ගතවූවකු ගෙන් යලි බොහෝ පිරිසක් රෝගීන් වීමේ අවදානමක් ඇති බවත් එම කමි⁣ටුව පෙන්වා දී තිබේ.