නවතම පුවත්

කොරෝනා වෛරසයට ඖෂධයක් ඔක්ස්ෆර්ඩ් සරසවිය සොයා ගනී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් සිදුවන හානි අවම කර ගත හැකි මට්ටමේ සාර්ථක ඖෂධයක් සොයා ගැනීමට

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය සමත්ව ඇත.

ඒ අනුව dexamethasone නම් වූ ඖෂධය මගින් මෙම සාර්ථක ප්‍රථිපල අත්කර ගැනීමට හැකිව ඇති බව

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයින් ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා ඇත.

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයින් පිරිසක් විසින් කොරෝනා වෛරසය ආසාදිතව සිටි රෝගීන්ට

dexamethasone ඖෂධය ලබාදී ඇති අතර ඔවුන්ගේ උත්සාහය සාර්ථක කරමින් වෛරසය ආසාදනය වී ශ්වසන යන්ත්‍ර

ආධාරයෙන් සිටි පුද්ගලයින්ගේ මරණ අනුපාතය සීයයට 40 සිට 28 දක්වා අවම කිරීමට මෙම ඖෂධයට හැකිව ඇත.

එමෙන්ම ඔක්සිජන් ලබා දෙමින් සිටි රෝගීන්ගේ මරණ අනුපාතය සීයයට 25 සිට 20 දක්වා අවම වූ බව මෙම

පර්යේෂණ කණ්ඩායම මෙහෙයවනු ලබන මහාචාර්ය පීටර් හොර්බි ප්‍රකාශ කර ඇත.

මෙම ඖෂධය රෝගියෙකුට ලබාදිය යුත්තේ දින 10ක කාලයක් පමණක් බවත් මෙය

ලොවපුරා රටවල බහුලව ඇති ඖෂධයක් බවද මහාචාර්යවරයා ප්‍රකාශ කර ඇත.

 

DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!