නවතම පුවත්

හිමාලයේ ඉන්දීය චීන යුධ ගැටුමින් සොල්දාදුවන් 20 මිය යයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හිමාල කඳුකරයේ චීන ඉන්දියා දේශ සීමාවේදී චීන හමුදා භටයන් සමග ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන්

අවම වශයෙන් ඉන්දීය සොල්දාදුවන් 20 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය හමුදාව පවසයි.

මතභේදයට තුඩුදුන් අක්සායි චින්-ලඩාක් ප්‍රදේශයේ ගැල්වාන් නිම්නයේදී මෙම ගැටුම හටගෙන ඇති අතර,

දේශසීමාවේ දෙපස විශාල හමුදා ගොඩනැගීමක් සිදුවෙමින් පැවතීම මෙම ගැටුමට හේතුව බව කියැවෙයි.

සොල්දාදුවන් තිදෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය හමුදාව මීට පෙර පවසා තිබුණද,

බරපතල ලෙස තුවාල ලැබූවන් 17 දෙනෙකු සෘණ උෂ්ණත්වයක් පවතින ප්‍රදේශයක ඊට නිරාවරණය වීමෙන් ඔවුන්ගේ ජීවිතද අහිමිව ඇති බව කියයි.

වසර 40 කට වැඩි කාලයක් තිස්සේ දෙරටේ මතභේදාත්මක දේශ සීමාව තුළ සිදු වූ පළමු වැනි හමුදා මරණ මෙම සිදුවීම බව කියැවෙයි.

දෙපාර්ශවයේම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් මේ වනවිට තත්ත්වය සමනය කිරීම සඳහා රැස්වී සිටින බව වාර්තා වෙයි.

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්