නවතම පුවත්

කෝටි ගණනක් වටිනා රන් දියර ගෙනගිය ලාංකික කතුන් ඉන්දියාවේදී කොටුවෙයි

Roshan

Roshan

දම්පත් රණසිංහ

රත්රන් දියකර තලප සේ සකසා සිය ගුද මාර්ගවල සඟවාගෙන මෙරට සිට ඉන්දියාවට රැගෙන ගිය කාන්තාවන් අට දෙනෙක් ඇතුළු ශ්‍රී ලංකිකයින් 10 දෙනෙක් බෙන්ගලාරූ හිදී අත්අඩංගුවට ගෙන ති‍බේ. ඒ කෙම්පෙගව්ඩා ජාත්‍යන්තර ගුවන් තොටුපොල රේගු අංශය විසිනි. ඉකුත් සෙනසුරාදා මෙම පිරිස ශ්‍රී ලංකාවේ සිට ගමන්කර ඇති බව සදහන්ය.

මෙම රත්තරන් තොගයේ වටිනාකම ඉන්දියානු රුපියල් කෝටියකට අධික බව ගණන් බලා තිබේ. මෙම පිරිස ආගමන විගමන අංශය වෙත යමින් සිටියදී බැංගලෝර් රේගු දෙපාර්තමේන්තුවේ ගුවන් බුද්ධි අංශය (AIU) විසින් නතර කර ඇත. සැකකරුවන් 10 දෙනා සිය සිරුරු තුළ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් රන් දියකර තලපයක් ආකාරයෙන් මෙම රත්‍රන් තොගය සඟවාගෙන සිටි බව පරීක්‍ෂණයකින් අනතුරුව නිලධාරීන්ට පෙනී ගියේය.

බැංගලෝර්හි මෙම ජාවාරම් හසුරුවන්නන් හඳුනා ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ පවත්වයි. විත්තිකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමෙන් මූලාශ්‍රය සොයා ගැනීමටත් සම්පූර්ණ රත්‍රං ජාවාරම් කල්ලිය කොටුකර ගැනීමටත් නියමිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්