කෝටි 2 අල්ලස් නඩුව විශේෂ මහාධිකරණයට

Picture of අසංක

අසංක

කන්තලේ සීනි සමාගමේ අබලි යකඩ හා ගොඩනැගිලි ඉන්දීය ව්‍යාපාරිකයකුට ලබාදීම සඳහා රුපියල් කෝටි 2ක අල්ලස් මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච්.කේ. මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ අද නඩු පවරා තිබේ.

විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 24ක් යටතේ මෙම නඩුව පවරා තිබුණි.

මෙම නඩුවේ පැමිණිල්ල සනාථ කිරීම සඳහා සාක්ෂිකරුවන් 46 දෙනෙකු සහ නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 41ක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව අල්ලස් කොමිසම මහාධිකරණයට දැනුම් දී තිබේ.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතාගේ අත්සනින් යුත් චෝදනා පත්‍රයක් යටතේ අදාළ නඩුව පවරා තිබුණි.