නවතම පුවත්

කෝරෝනා නිසා 21 සියවසේ ශ්‍රි ලංකාවේ අඩුම ගුවන් මෙහෙයුම් ගණන වාර්තාවෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

විසි එක්වන සියවසේ ශ්‍රි ලංකාවට ඉහළ අහසේ සිදුවු දෛනික ගුවන් මෙහෙයුම්වලින් අඩුම මෙහෙයුම් සංඛ්‍යාව වන ගුවන් මෙහෙයුම් 20 ඊයේ (26) දිනයේ වාර්තා වී ඇත.


ඒ අනුව ඊයේ දිනයේ ශ්‍රි ලංකාව හරහා ඉහළ අහසේ පියාසර කර ඇත්තේ ගුවන් යානා 20 ක් පමණක් බව ගුවන් ගමන් පාලක ආරංචි මාර්ග සදහන් කරයි.
මෙයට අමතරව කටුනායක ඔස්සේ පිටත්වීමේ ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සංඛ්‍යාව 19ක් දක්වා ඊයේ දිනයට පහත වැටී තිබේ.


ගෝලීය කොරෝනා වසංගතයට පෙර සාමාන්‍යයෙන් ශ්‍රි ලංකාවට ගොඩ නොබස්සන ජාත්‍යන්තර ගුවන් ගමන් මෙහෙයුම් 150-180 තරම් විශාල සංඛ්‍යාවක් ගුවන් ගමන් පාලකවරු දෛනිකව මෙහෙයවුහ. එම එක් ගුවන් යානාවකින් මෙරටට ලැබුණු ආදායම ඇමෙරිකානු ඩොලර් 250 හෝ ඊට වැඩි අගයක් ලෙස ගැණිනි.


කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ හා භාණ්ඩ ගෙන්වන ගුවන් යානා කිහිපයක් පමණක් ඊයේ දිනයේ කටුනායකට පැමිණ තිබෙන අතර ඒවා ගොඩ බැස්සවීමේ ගුවන් ගමන් පාලනය ගුවන් ගමන් පාලකවරුන් විසින් නොපිරිහෙලා ඉටු කරනු ලැබ තිබේ.
මෙල්බන් ඩුබායි , ජකර්තා -මැදපෙරදිග ගුවන් ගමන් පමණක් ඊයේ දිනයේ ක්‍රියාත්මක වී ඇත.

මෙවැනි තත්ත්වයක් හමුවේ වුවද ගුවන් ගමන් පාලකවරුන් කොවිඩ්-19 පරාජය කිරීමේ ජාතික කාර්යයටද දායකවෙමින් සිය 24 පැයේ සේවාවන් ක්‍රියාත්මක කරමින් සිටින බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා