වත්මන් රජය සමයේ දූෂණ වංචා විමර්ශනය සඳහා වන ජනාධිපති කොමිෂන් සභාව, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සිදුවූ බව කියන රුපියල් කෝටි හයහමාරක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.
.
සංස්ථා තොරතුරු තාක්ෂණ අංශයේ ක්‍රමවේදයට පටහැනැව තෝරාගත් පිරවුම්හල් හිමියන්ගේ සංස්ථා ඉන්වොයිස් පත් අහෝසි කර, පිරිවැය මධ්‍යස්ථාන මාරු කරමින්, එස්. ඒ. පී. පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී මූල්‍ය වංචාවක් කර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත.
ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ දෙමටගොඩ ප්‍රධාන කාර්යාලයේ නඩත්තු සහ අලුත්වැඩියා අංශයේ සිදුවූ බව කියන අදාළ වංචාව සම්බන්ධයෙන් සහකාර අලෙවි කළමනාකරුවෙකුට එරෙහිව එම පැමිණිල්ල ගොනුකර තිබේ.