ඛනිජ තෙල් සංස්ථාව ගෘහස්ත ගෑස් වෙළදාමට

Picture of Roshan

Roshan


දම්පත් රණසිංහ

ගෘහස්ත ගෑස් නිෂ්පාදනය සදහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු (LP ගෑස්) ව්‍යාපාරයට පිවිසීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද පිරිපහදුව මඟින් LP ගෑස් මෙට්‍රික් ටොන් 70 සිට 90 දක්වා ප්‍රමාණයක් දිනකට නිපදවනු ලබන අතර එය රටේ ඉල්ලුමෙන් සියයට 05 ක් වේ.

එසේම, දිනකට බැරල් 10,000ක ධාරිතාවයකින් යුත් නව පිරිපහදුවක් ස්ථාපිත කිරීමට සහ දැනට පවතින පිරිපහදුව වැඩිදියුණු කිරීමට මේ වන විට ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරමින් පවතින අතර, එකී සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කෙරෙමින් පවතී.

ඒ අනුව, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව තුන්වන තරඟකරුවෙකු ගෑස් වෙ‍ෙළඳපොළට පැමිණීමේ වැදගත්කම මේ වන විට හඳුනාගෙන ඇත. ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට පිරිපහදු නිෂ්පාදන උපයෝගී කර ගනිමින් ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු (LP ගෑස්) ව්‍යාපාරය ආරම්භ කිරීමට හැකි වන පරිදි එම සංස්ථාවට අනුබද්ධ සමාගමක් පිහිටුවීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.