නියමිත පරිදි ණය වාරික ගෙවීම සඳහා ශ්‍රී ලංකාව මේ වනවිට ප්‍රමාණවත් මුදලක් සොයා ගෙන අවසන් බව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කර සිටී .
ඒ අනුව රට බංකොලොත් වීමේන කිසිදු අවදානමක් නොපවතින බවද ඒ මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත .
ණය ගෙවීමට රජයට මුදල් නැති බවට විපක්ෂය ගෙන යන අසත්‍ය ප්‍රචාරයන් ගැන කනගාටු වන බවත් එවැනි ප්‍රකාශ කරහා රටට විශාල හානියක් සිදුවන බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය .
රජය කිසිදු අවස්තාවකක් ණය ගෙවීම පැහැර හැර නොමැති බවත් ඉදිරියටත් එවැනි කිසිදු ගැටළුවක් මතුනොවන බවත් කබ්රාල් මහතා මෙහිදී අවධාරණය කර ඇත .
කොවිඩ් වසංගතයත් සමග රටේ විදේශ සංචිත වල ගැටළුවක් මතුව ඇත්ත එයද පාලනය කර ගැනීමට රජය දැනටමත් කටයුතු යොදා ඇති බව ඒ මහතාපැවසීය