නවතම පුවත්

බුකර් සම්මානය මෙවර දකුණු අප්‍රිකාවේ ඩේමන් ගැල්ගුට්ට!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2021 වසරේ බුකර් ත්‍යාගය, දකුණු අප්‍රිකානු ජාතික නවකතාකරුවෙකු සහ නාට්‍ය රචකයකු වන ඩේමන් ගැල්ගුට් හට හිමිවී ඇත .

ඒ ඔහුගේ  නව වැනි ස්වතන්ත්‍ර නව කථාව වන  The promise  නම්  කෘතියටය .

බුකර් සම්මාන  පිරිනැමීමේ උත්සවය ඉකුත් දා ලන්ඩන් නුවරදී පැවැත්විණි. මෙහි අවසන් වටය සඳහා මෙවර ශ්‍රීලාංකික ලේඛකයෙකු වූ අනුක් අරුද්ප්‍රගාසම් ගේ A passage north කෘතිය ද, රිචඩ් පවර්ස් ගේ Bewilderment කෘතිය ද, මැගී ෂිප්ස්ටීඩ් ගේ Great Circle කෘතිය ද, පැට්‍රීෂියා ලොක්වුඩ් ගේ No one is talking about this කෘතිය ද, නඩීෆා මොහොමඩ් ගේ The fortunate man කෘතිය මෙන්ම  ඩේමන් ගැල්ගුට් ගේ  කෘතිය ද ඇතුළත් විණි.

ඩේමන් ගැල්ගුට් බුකර් ත්‍යාගය සඳහා නිර්දේශ  වන්නේ තුන්වෙනි වතාවට ය. මීට පෙර 2003 සහ 2010 යන වසරවල දී ඔහුගේ කෘති දෙකක් බුකර් ත්‍යාගයට නිර්දේශ වී  තිබේ. ඒ 2003 වසරේදී The good doctor සහ 2010 වසරේදී In a strange room ලෙසය .

ඩේමන් මේ වන විට පනස් හත්වන වියේ පසුවන අතර . ඔහු සිය පළමු නවකතාව ප්‍රකාශයට පත්කර ඇත්තේ වයස අවුරුදු දහහතේ දී ය.

කෙසේ වුවද, මෙවර ත්‍යාගය දිනාගත The promise කෘතිය ඔහු ප්‍රකාශයට පත්කරන්නේ 2014 වසරේ Arctic Summer නම් කෘතියෙන් වසර හතක දීර්ග කාලයක් නිහඬව හිඳිමිනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්