Update
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශ සංඛ්‍යාව හතරක් දක්වා අඩු කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කළ අතර ඒ, දිවුලපිටිය වේයන්ගොඩ මිනුවන්ගොඩ සහ ගම්පහ පොලිස් බල ප්‍රදේශ පමණකි.
————–
ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද (6)පස්වරු 6 සිට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.
යළි දැනුම් දෙන තෙක් මෙය ක්‍රියාත්මක ය.
මේ අනුව නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ගම්පහ පොලිස් කොට්ටාශයට අයත් ප්‍රදේශ වන්නේ,
- ගම්පහ පොලිස් බලප්‍රදේශය
- කිරිඳිවැල පොලිස් බලප්‍රදේශය
- දොම්පේ පොලිස් බලප්‍රදේශය
- පූගොඩ පොලිස් බලප්‍රදේශය
- ගනේමුල්ල පොලිස් බලප්‍රදේශය
- වීරගුල පොලිස් බලප්‍රදේශය
- වැලිවේරිය පොලිස් බලප්‍රදේශය
- මල්වතුහිරිපිටිය පොලිස් බලප්‍රදේශය
- නිට්ටඹුව පොලිස් බලප්‍රදේශය
- මීරිගම පොලිස් බලප්‍රදේශය
- පල්ලෙවෙල පොලිස් බලප්‍රදේශය
- යක්කල පොලිස් බලප්‍රදේශය
මේ අතර දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට තවදුරටත් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.