නවතම පුවත්

ගම්පොළ CDM යන්ත්‍රයේ කොල්ලකරුවන් අලි සබ්රිගේ නිවස ගිනි තියනන්නත් ගිහින්

අසංක

අසංක

ගම්පොල පිහිටි පෞද්ගලික බැංකුවට සී.ඩී.එම්. යන්ත්‍රය කොල්කෑ කල්ලිය ගලහා පිහිටි සමෘද්ධි බැංකුවක් ඇතුළු තවත කොල්ලකෑම් රැසක් සිදුකර ඇති බව ගම්පොල පොලීසිය විසින් කරනු ලබන විමර්ශණ වලින් හෙළිවී තිබේ.

එම කොල්ලකෑම් අතර ස්වර්ණාභරණ අලෙවි සැල් 02ක්ද ඇත.

සමෘද්ධි බැංකුව ඔවුන් කොල්ලකා ඇත්තේ සේප්පුව බිද බවද නිහාල් තල්දූව මහතා සඳහන් කළේය. එහෙත් එහි මුදල් සතයක්වත් තිබී නැත.

රන් භාණ්ඩ අලෙවි සැල් දෙක කොල්ලකෑමෙන්ද විශාල මුදලක් වටිනා රන් භාණ්ඩ ඔවුන්ට ලැබී නැත. ඔවුන් විසින් කළ කොල්ලකෑම්වලින් සාර්ථව කොල්ලයක් බවට පත්ව ඇත්තේ මෙම බැංකු කොල්ලය බව පොලීසිය කියයි. මෙම කොල්ලය නිසාම ඔවුන් පොලීසියට හසුවනවා පමණක් නොව, ඊට පෙර කළ කොල්ලකෑම්ද හෙළිවූ බව පොලීසිය කියයි.

ගම්පොල පිහිටි පෞද්ගලික බැංකුවකට කඩා වැදී එහි ආරක්ෂක නිලධාරියාගේ හිසට පිස්තෝලයක් එල්ලකර ඔහුව ගැටගසා මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍රය කොල්ලකන්නේ පසුගිය ජනවාරි 25 වෙනිදා අලුයම් කාලයේදීය. මෙම කොල්ලයේ මහ මොලකරු ඇතුළු 06 දෙනෙක් ගම්පොල පොලීසිය පෙබරවාරි 14 වෙනිදා අත්අඩංගුවට ගැනීමට සමත්විය. ඒ සති තුනක් පුරාවට කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසිනි. මෙම මෙහෙයුම මුළුමනින්ම දියත්වී ඇත්තේ දුරකතන ජාල විශ්ලේෂණ ඔස්සේය.

යන්ත්‍රය කොල්කෑ කල්ලියේ නායකයා එම කොල්ලයෙන් ඔහුට ලද කොටසින් ලක්ෂ 05ක මුදලක් වැයකර ඇත්තේ වැලන්ටයින් දිනය ඉලක්කරගෙන සිය පෙම්වතියට රන් මාලයක් සහ රුපියල් ලක්ෂ එකහාමාරක් වටිනා ඇපල් වර්ගයේ දුරකතනයක් මිලදී ගැනීමට බව ද හෙළිවී ඇත.

රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනාකමක් ඇති එම රන්මාලය සහ ඇපල් වර්ගයේ ජංගම දුරකතනයද ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ සොයා ගැනීමට ගම්පොල පොලීසිය සමත්ව ඇත.

අත්අඩංගුවටගත් සැකකරුවන් 06 දෙනා අතර එකම පවුලේ සහෝදරයන් තිදෙනෙක් සිටින බවත් ඒ අතරද දෙදෙනෙක් නිවුන් සහෝදරයන් බවත් බවත් පොලීසිය කියයි. මෙම සහෝදරයන් තිදෙනා අතර සිටින වැඩිමහල් සහෝදරයා මෙම කොල්ලයේ මහ මොලකරු බව හදුනාගෙන තිබේ. පෙම්වතියට රන් භාණ්ඩ හා ඇපල් දුරකතනයක් කොල්ලකෑ මුදල් වලින් තෑගි කිරීමට ලබාගෙන ඇත්තේ ඔහුය.

මෙම සහෝදරයින් තිදෙනාගේ මුල් පදිංචිය ගම්පොල බවත් දැන් ඔහුන් පදිංචිව සිටින්නේ පුත්තලමේ බවත් පොලීසිය කියයි. පසුගිය වසරේ මැයි 09 වෙනිදා රටේම පැවති කලහාකාරී තත්වය හමුවේ පුත්තලම පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි මහතාගේ පුත්තලමේ පිහිටි නිවසට ගිනි තැබීමටද මෙම සහෝදරයින් තිදෙනා සම්බන්ධ බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත. මන්ත්‍රීවරයාගේ නිවස ගිනි තැබීමෙන් පසු අතුරුදන්වූ මන්ත්‍රීවරයාගේ බලපත්‍ර සහිත පිස්තෝලයද ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී සොයා ගැනීමට පොලීසිය සමත්ව ඇත. එම ගිනි අවිය පෙන්වමින් ඔවුන් ගම්පොල බැංකුවේ සී.ඩී.එම්. යන්ත්‍රයට අමතරව තවත් කොල්ලකෑම් රැසක් සිදුකර ඇති බව පොලීසිය විශ්වාස කරයි.

පුත්තලමින් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාට අමතරව අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් දෙල්තොට පදිංචි වතු කම්කරුවන් තිදෙනෙකි.

මොවුන් විසින් කොල්ලකෑ සී.ඩී.එම්. යන්ත්‍රය දෙල්ගොඩ ප්‍රදේශයට රැගෙන ගොස් පොරවකින් ගසා එහි අගුල් කඩා එහි තිබුණු රුපියල් ලක්ෂ 76ක් පමණ වූ මුදලක් රැගෙන යන්ත්‍රය ගලහා ප්‍රදේශයේ යම් ස්ථානයකින් අඩි 500ක් පමණ වූ ප්‍රපාතයකට දමා ඇති බව පොලීසිය කියයි. එම යන්ත්‍රයද පොලීසිය දැඩි පරීශ්‍රමයකින් පසුව ගොඩට ගැනීමට සමත්ව ඇත.

කොල්ලකෑ මුදල් වලින් ගෘහ භාණ්ඩ, රන් භාණ්ඩ මෙන්ම වෑන් රථයක් සහ යතුරු පැදියක්ද මෙම කල්ලියේ සාමාජිකයන් විසින් මිලදී ගෙන තිබී ඇත. ඒ සියල්ලක්ම පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

පුත්තලමේ පදිංචි මෙම සහෝදරයන් පාසල් ගොස් ඇත්තේද ගම්පොල ප්‍රදේශයේ පාසලකටය. ඒ අනුව ඔවුන් ගම්පොල ගැන හොදින් දන්නා බැවින් මංකොල්ලකෑම් සදහා ගම්පොලම යොදාගෙන ඇති බවද පොලීසිය කියයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්