නවතම පුවත්

ගම්මන්පිළව විශ්වාසයි විපක්ෂය පරාදයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

‘මා දේශපාලන වශයෙන් ඔසවා තැබුවාට ස්තූති’ – ගම්මන්පිළ

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ඉන්ධන මිල වැඩිකිරීමට එරෙහිව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂය  ගෙන ආ  විශ්වාසභංග යෝජනාව තුනෙන් දෙකක බහුතරයකින් ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය.

ඉලෙක්ට්‍රොනික ක්‍රමයට පැවැති ඡන්ද විමසීමේදී විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 61ක් ලැබී තිබූ අතර විපක්ෂව ලද ඡන්ද සංඛ්‍යාව 152කි.

විශ්වාසභංගයේ ඡන්ද විමසීමේ අවස්ථාවේදී, ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 9 දෙනකු ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තුවේ නොසිටි බව වාර්තා වේ.  ඔවුන් කිසිවකු ඊයේ (20) පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත.

ඒ අනුුව පාලක පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 6 දෙනකු මෙලෙස සහභාගි නොවීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ චමල් රාජපක්ෂ, විජයදාස රාජපක්ෂ සහ උදයකාන්ත ගුණතිලක යන මන්ත්‍රීවරුන් පැමිණ නොසිටි අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසා ඇත්තේ එම මන්ත්‍රීවරුන් පසුගිය දින කිහිපයක තිස්සේ අසනීපව සිටින බැවින් ඊයේ පාර්ලිමේන්තුවට නොපැමිණි බවය.

නැගෙනහිර පළාතේ මුස්ලිම් මන්ත්‍රීවරුන් තිදෙනෙකු ද අද විශ්වාසභංගයට සහභාගි වී නැති අතර ඔවුන් මීට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ආණ්ඩු පක්ෂයට හිතවාදීව ඡන්දය ප්‍රකාශ කළ අයයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටිමින් හදිසියේ අසනීප වීම නිසා පසුගියදා රෝහල්ගත කරන ලද රිෂාඩ් බදියුදීන්, රටින් බැහැරව සිටින හරින් ප්‍රනාන්දු සහ රෝහල්ගතව සිටින වේලු කුමාර් ද  මෙම ඡන්දයට සහභාගි නොවීය.

මෙම විශ්වාසභංග යෝජනාවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විසින් එය මුළුමහත් කැබිනට් මණ්ඩලයටම එරෙහිව ගෙන එන ලෙසට සංශෝධනයක් ගෙනැවිත් තිබු නමුත් එය ප්‍රතික්ෂේප වී තිබුණි.

විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් තමා දේශපාලන වශයෙන් ඔසවා තැබීම සම්බන්ධයෙන් විපක්ෂයට ස්තුතිය පුදකරන බව, තමාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පිළිතුරු දෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

මෙහි තමාට එරෙහි කිසිදු චෝදනාවක් නොමැති බව පෙන්වා දුන් අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්විය.

” ඛනිජ තෙල් මිල සංශෝධනය කිරීමට බලශක්ති අමාත්‍යවරයාට බලයක් නෑ. රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙය වීමේ බලය ඇත්තේ බලශක්ති අමාත්‍යවරයාට නෙවෙයි.  සමස්ත කැබිනට් මණ්ඩලයටම ඒම වගකීම තියෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව හෝ නිවැරදි අවබෝධයක් නොමැතිව තමයි මට එරෙහිව මෙම චෝදනා ඒල්ල කර ඇත්තේ.

මෙම විවාදය අතරේ දීත් කිසිදු අමාත්‍යවරයෙකුට තෙල් මිල වැඩිකිරීම හැර ඊට වෙනත් විකල්පයක් ඉදිරිපත් කිරීමට නොහැකි වුණා. අදටත් පකිස්ථානයට පසුව තෙල් මිල අඩුම රට ශ්‍රී ලංකාවයි. විදෙස්ගත ශ්‍රමිකයින් නැවත මෙරටට පැමිණීම, සංචාරක ව්‍යාපාරය කඩා වැටීම වැනි හේතු නිසා රජයේ ආදායම අඩු වුණා.  එම  විනිමය අර්බුදය විසඳා ගැනීමට රජයට සිදු වූණා. විදේශ විනිමය ඉතිරි කර ගැනීමට සහ තෙල් අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට ජනතාවට හුරු කරවීමට මෙම තීරණය ගත්තා. ” තමාට ඒරෙහි විපක්ෂය ගොනු කර ඇති චෝදනා දහයම පදනම් විරහිත බව පෙන්වා දුන් අමාත්‍යවරයා, අපේ රටේ තෙල් පිරිපහුදු කිරීම සඳහා රටට අවශ්‍ය තෙල් රට තුළම නිෂ්පාදනය කර ගැනීමේ ව්‍යාපෘතියක් සැළසුම් කර ඇති බවත් මෙමගින් විශාල මුදලක් ඉතිරි කර ගත හැකි බවද පෙන්වා දුන්නේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්