ගම්මිරිස්, කුරුඳු ආදි භෝග කිහිපයක් ගෙන්වීම තහනම් කෙරේ

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ගම්මිරිස් , සියඹලා, කුරුඳු ඇතුළු සුළු අපනයන භෝග කිහිපයක් ආනයනය කිරීම තහනම් කිරීමට , මුදල් අමාත්‍යංශය කටයුතු යොදා ඇත.

මේ පිලිබඳ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇත.


එම ගැසට් නිවේදනයට අනුව ආනයනය තහනම් වන සෙසු භෝග අතර කරුන්කා , සාදික්කා, වසාවාසි, ඉඟුරු, කරඳමුංගු, කහ සහ කරාඹුනැටි ද වේ.

එම ගැසට් නිවේදනය මගින් ඍජු ප්‍රතිඅපනයන සහ සුළු සැකසුම් කිරීමෙන් අනතුරුව ප්‍රතිඅපනයනය කිරීමේ අරමුණින් කුලු බඩු ආනයනය ද තහනම් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, අදාළ කෘෂි නිෂ්පාදන වගා කරන ගොවීන්ට මේ හරහා ප්‍රතිලාභ හිමිවන බවය.