නවතම පුවත්

නව ආණ්ඩුවේ බදු වැඩපිළිවෙළ සාර්ථකයි – වාණිජ මණ්ඩලය

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න


නව රජයේ බදු සංශෝධන ක්‍රියාත්මක වන ආකාරය සාර්ථක මට්ටමක පවතින බවත් එම විශ්වාස කල හැකි බවත් සංශෝධන හරහා ආර්ථික වර්ධනය වේගවත් වනු ඇතැයි විශ්වාස කල හැකි බවත් ලංකා වාණිජ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.

රජය විසින් යෝජනා කරන ලද බොහොමයක් බදු සංශෝධන මගින් කෙටි කාලීනව ආර්ථික වර්ධනය මෙන්ම ආර්ථික ක්‍රියාවලීන්ද උද්දීපනය කරනු ඇති බව මෙම නිවේදනයේ දැක්වේ.


කෙසේ වෙතත් මූල්‍ය ප්‍රතිපත්තිය ලිහිල් කිරීම හරහා ලැබෙන ප්‍රතිලාභ මධ්‍ය හා දිගුකාලීනව පවත්වාගනු ඇතැයි ද, ඒ හරහා තිරසාර ආර්ථික වර්ධනයක් පවත්වාගනු ඇතැයි ද අපේක්ෂා කරන බව වානිජ්‍ය මණ්ඩලය නිවේදනයේ සඳහන් කර ඇත.


මෙසේ ආර්ථික වර්ධනය තිරසාර වන බව තහවුරැ කිරීම උදෙසා ක්ෂේත්‍ර කීපයක් ආවරණය කරමින් ප්‍රතිංස්කරණ සිදුකිරීම අත්‍යවශ්‍ය වන අතර, දේශීය හා විදේශීය ආයෝජන දිරිමත් කිරීම අපනයන ප්‍රවර්ධනය හා රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම යන අංශයන්ට සම්බන්ධ ප්‍රතිසංස්කරණ පිළිබද අවධානය යොමුකිරීම වැදගත් වන බවද මෙහි දක්වා ඇත.

මෙම බදු ප්‍රතිසංස්කරණ හරහා ව්‍යාපාර වලට මෙන්ම ජනතාවට ලැබෙන ප්‍රතිලාභ උපරිම කිරීම උදෙසා රටේ පුද්ගලික අංශයේ ප්‍රධාන නියෝජිතයා වශයෙන් අප දිගින් දිගටම රජය හා එක්ව කටයුතු කිරීමට බලාපොරොත්‌තුවන බවද ලංකා වානිජ්‍ය මණ්ඩලය මෙහිදී සඳහන් කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්