කොවිඩ් රෝගය නිවාරණය සඳහා ගර්භණී මාතාවන් එන්නත් කිරීම ප්‍රථමයෙන් ආරම්භ කළ රටවන ශ්‍රී ලංකාව මේවනවිට ගර්භණී කාන්තාවන්ගෙන් සියයට 90 කට එන්නත් ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කර සිටී .
පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා පැවසුවේ මේ දක්වා එන්නත් ලබා නොගත් ගර්භණී මාතාවන්ට හැකි ඉක්මනින් එන්නත ලබාගන්නා ලෙස ඉල්ලා සිටින බවයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළාය