නවතම පුවත්

ග්ලයිෆොසේට් පිළිකා කාරකයක් බව සැන්ෆ්‍රැන්සිස්කෝ ජූරියත් පිළිගනී

අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

අමෙරිකාවේ කැලිෆෝනියාහි පුද්ගලයකුගේ පිළිකාවට ග්ලයිෆොසේට් යෙදූ මොන්සැන්ටෝ සමාගම නිෂ්පාදිත රවුන්ඩ්අප් හේතුවී ඇති බව එරට ෆෙඩරල් අධිකරණය තීන්දු කර තිබේ.

මාස 8ක් තුළ ග්ලයිෆොසේට් අඩංගු රවුන්ඩ්අප් වල්නාශකය හේතුවෙන් මොන්සැන්ටෝ සමාගමට වන්දි ගෙවීමට සිදුවූ දෙවැනි නඩු තීන්දුව මෙයයි.

කැලිෆෝනියාවේ වෙසෙන 70 හැවිරිදි එඩ්වින් හාඩ්මන් දශක දෙකක් තිස්සේ රවුන්ඩ්අප් වල්නාශකය සිය වගාවන් සදහා භාවිත කර ඇති අතර ඔහු non-Hodgkin’s lymphoma පිළිකා රෝගයෙන් පීඩා විදියි.

සැන්ෆ්‍රැන්සිස්කෝ අධිකරණය තීන්දු කළේ ඔහුගේ පිළිකාවට රවුන්ඩ්අප් වල්නාශකයේ ග්ලයිෆොසේට් ‘සැළකිය යුතු හේතුවක්’ වී ඇති බවයි.

මීට පෙර ඩිවෙයින් ජොන්සන් නමැත්තා ද මොන්සැන්ටෝ සමාගමට එරෙහිව නඩු පැවරීමෙන් ඩොලර් මිලියන 289ක වන්දි මුදලකට අධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත්වුවද එම සමාගමේ කූඨ ක්‍රියාකලාපය හේතුවෙන් එම වන්දි මුදල ඩොලර් මිලියන 78.5කට සීමා කිරීමට නීතිමය කටයුතු කෙරිණි.

මෙම පුද්ගලයාට ද එවැනි වන්දි මුදලක් අධිකරණය මගින් තීන්දු කරනු ඇත යන්න ඇතැමුන්ගේ අදහසයි.

කෙසේවෙතත් මෙවැනිම නඩු 4000කට වැඩ සංඛ්‍යාවක් මොන්සැන්ටෝ සමාගමට එරෙහිව නඩු ලැයිස්තුවේ පවතින බව විදෙස් වාර්තා පවසයි.

ශ්‍රී ලංකාවේ ද ග්ලයිෆෝසේට් ආනයන 2015 දී තහනමට ලක්කෙරුණ ද තේ සහ රබර්වලට හැර සෙසු වගාවන්ට භාවිත කිරීම සදහා යළි 2018 දී තහනම ඉවත් කරන ලදී.

ඒ අනුව අමෙරිකාවේ සිට, යුරෝපය, ආර්ජන්ටිනාව, බ්‍රසීලය, කොලොම්බියාව, එල් සැල්වදෝර් මෙන්ම ශ්‍රී ලංකාවේද ග්ලයිෆොසේට් අභියෝගයට ලක්ව සිටියි.

කෙසේවෙතත් මොන්සැන්ටෝ සමාගමේ මව් සමාගම වන බේයර් සමාගම තවමත් පවසන්නේ රවුන්ඩ්අප් නිෂ්පාදනයේ ප්‍රධානතම අමුද්‍රව්‍ය වන ග්ලයිෆොසේට් උපදෙස් අනුව භාවිත කරන්නේ නම් ආරක්ෂිත බවයි.

මේ වනවිට අධ්‍යයන වාර්තා 800ක් පමණ ඒ පිළිබද තහවුරු කර ඇති බව ද කෙලෙස හෝ එහි ආරක්ෂිත බව අධිකරණය හමුවේ තහවුරු කරන බව ද බේයර් සමාගම අවධාරණය කර සිටියි.

එඩ්වඩ් හාඩ්වින්

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්