නවතම පුවත්

ගාර්නියාගෙන් ප්‍රශ්න කිරීම ගැන ස්විස් රජය අවධානයෙන්

අසංක

අසංක


අසත්‍ය ප්‍රකාශ ලබා දුන් බවට චෝදනා කරමින් ස්විටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය රඳවා ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයෙන් පසු වන බව ස්විස්ටර්ලන්ත විදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.


මෙම කාරණාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මෙරට නීතියට හා ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව අදාළ නිලධාරිනියගේ පුද්ගලික අයිතිවාසිකම් ආරක්ෂා කිරිම හා සහතික කිරිම මෙරට අධිකරණය සතු වගකිමක් බව ද අදාළ නිවේදනයෙන් අවධාරණය කර තිබේ.

අදාළ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය වෙනුවෙන් තමන් දිගටම පෙනී සිටින බවත් ඇය වෙනුවෙන් කළ හැකි උපරිමය සිදු කරන බවත් ස්විස් විදේශ කටයුතු දෙපාර්තමේන්තුව මෙහිදී සඳහන් කර ඇත.

මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා මධ්‍යස්ථ හා ඵලදායි මාර්ගයක් අපේක්ෂා කරන බව ද එහි සඳහන් ය.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ ඊයේ ශ්‍රී ලංකාවේ ස්විට්ස්ටර්ලන්ත තානාපතිවරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමූවී මේ බව සාකච්ඡා කළ බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්