අසංක නවරත්න
ගාල්ල වරාය ආශ්‍රිතවද කොළඹ වරාය නගරය හා සමාන සංචාරක කලාපයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත.
මුහුද ගොඩකර හෙක්ටයාර 40 ක භූමි ප්‍රමාණයක එය ඉදිකරන බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
ගාලු වරාය සංවර්ධනය කිරීම පිළිබඳ සූම් හමුවක් ඔස්සේ විදේශ ආයෝජකයින් පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ දී පෙරේදා (26) පැවති සම්මන්ත්‍රණයකදී මේ බව හෙළි විය. ගාලු වරාය ආශ්‍රිතව නව දියකඩනයක් ඉදිකිරීමට නියමිත බව අමාත්‍යවරයා පැවසීය.
ඒ සමඟ ගාල්ල වරාය ආශ්‍රිතව ඉදිවන හෙක්ටයාර 40ක භූමි භාගය තුළ කොළඹ වරාය නගරයේ මෙන් පෞද්ගලික ආයෝජකයින් විසින් සාප්පු සංකීරණ, හෝටල් ආදි සියල්ල ඉදිකරනු ඇතැයිද අමාත්‍යවරයා කියා සිටියේය.