ගාල්ල මාතර ඉන්ෆ්ලුවන්සා උණ රෝගය පැතිරීමේ අවදානමක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මේ දිනවල ඉන්ෆ්ලුවන්සා උණ රෝගය පැතිරයාමේ අවදානමක් හට ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඉන්ෆ්ලුවන්සා උණ රෝගය පැතිරයාම පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගන්නැයි ඇමැති රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.

මේ පිළිබඳව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා සඳහන් කළේ සතියක පමණ කාලයක සිට ඉන්ෆ්ලුවන්සා උණ රෝගීන්ගේ සුළු වැඩීවීමක් පවතින බවය.

එම රෝගය පැතිරයාම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද වෛද්‍ය විජේසූරිය මහතා කීය.

මේ පිළිබඳව කළ විමසුමකදී හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය රංග චන්දසේන මහතා සඳහන් කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ එවැනි රෝගීන් වැඩිවීමේ ප්‍රවණතාවයක් නොමැති බවය.