නවතම පුවත්

ගාල්ල, වක්වැල්ල පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදා දායකත්වය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ගිංතොට ප්‍රදේශයෙන් මුහුදට ගලා බසින ගිං ග‍ඟෙහි වක්වැල්ල ප්‍රදේශයේ ඇති පටු පාලම තුල අධික වර්ෂාවත් සමඟ ගසාගෙන එනු ලබන අපද්‍රව්‍ය සිරවී සිදුවන අවහිරතා ඉවත් කිරීම සඳහා නාවික හමුදාව නිරන්තර දායකත්වය සපයන අතර, එලෙස සිදුකල තවත් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් පසුගිය ඔක්තෝබර් 05 වන දින නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරන ලදි.

ගිං ග‍ඟෙහි ජල පෝෂක ප්‍රදේශ වෙත සිදු වන අධික වර්ෂාපතනය හේතුවෙන් ගිං ග‍ඟේ ජල මට්ටම ඉහල යාමත් සමඟ ගංඟා ආශ්‍රිත ප්‍රදේශයට නොසැලකිලිමත් ලෙස බැහැර කරනු ලබන කැලි කසළ, කපා දමන ලද ගස් සහ උණ පදුරු සැඩ ජල පහරට හසුව ගසාගෙන විත් මෙම පටු පාලම තුළ සිරවී ජලය ක්‍රමවත්ව බැස යාම අවහිර වේ. මේ සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටින නාවික හමුදාව  දකුණු නාවික විධානයේ නාවික පුද්ගලයින් කණ්ඩායමක් යොදවා සිරවූ එම අපද්‍රව්‍ය ඉවත්කර, ජලය ක්‍රමවත්ව බැස යාමට හැකි වන පරිදි සකස් කිරීමට කටයුතු කෙරිණි.

මෙම වසරේදී පමණක් නාවික හමුදාව විසින් වක්වැල්ල සහ දොඩම්ගොඩ පාලම් ආශ්‍රිත අවහිරතා ඉවත් කිරීමට අවස්ථා 10 කදී කටයුතු කර ඇති අතර. ඒ හේතුවෙන් ප්‍රදේශයේ ඇතිවිය හැකිව තිබූ ගංවතුර අවධානම තුරන් කිරීමට නාවික හමුදාවට හැකිවිය. එමෙන්ම ඉදිරියේදීද ඇතිවිය හැකි ආපදා තත්වයන් පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටී.

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්