පැතුම් වික්‍රමරත්න
කොවිඩ් රෝගය නිවාරණය සඳහා ගර්භණී මාතාවන් එන්නත් කිරීම ප්‍රථමයෙන් ආරම්භ කළ රටවන ශ්‍රී ලංකාව මේවනවිට ගර්භණී කාන්තාවන්ගෙන් සියයට 90 කට එන්නත් ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කර සිටී .
පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා පැවසුවේ මේ දක්වා එන්නත් ලබා නොගත් ගර්භණී මාතාවන්ට හැකි ඉක්මනින් එන්නත ලබාගන්නා ලෙස ඉල්ලා සිටින බවයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළාය