ගෑස් ආනයනයට මැදිහත් වෙන්න රජය සූදානම්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවට ඉදිරියේදී ගෑස් ආනයන කිරීම සඳහා රජය මැදිහත් වීමට සැලසුම් කර ඇති බව  පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටී .

ගෑස් මිලදීගැනීම අනාගතයේදී භාණ්ඩාගාරයේ ඉහළ මට්ටමේ මණ්ඩලයක මැදිහත් වීමෙන් සිදුකරන බවත් ගෑස් ආනයනයේදී සිදුවන්නේ යැයි කියන දූෂණ, අක්‍රමිකතා සහ කොමිස් ගැහිලි සියල්ල ඒ අනුව නතර වන බවත් අමාත්‍යවරයා මාධ්‍ය වෙත  පැවසීය .

අමාත්‍යවරයා පැවසුවේ එම තීරණයත් සමඟ අක්‍රමිකතා නිසා සමාගම්වලින් ඉවතට ගිය මුදල් විශාල ප්‍රමාණයක් ඉතිරි කරගැනීමේ හැකියාව ලැබෙන බවත්ය.