නවතම පුවත්

බාගෙට හැදූ අධිවේගයේ රේස් ගිය තරුණයන් දෙදෙනෙක් මරුට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ රේස් පැදීමට ගිය යතුරු පැදියක් සහ මෝටර් රථයක් ඊයේ (24) රාත්‍රී 7.00 ට පමණ එකිනෙකට ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදිය ගිනි ගෙන එහි ගමන්කරමින් සිටි තරුණයින් දෙදෙනා මියගොස් තිබේ.

නාරම්මල පොලිස් වසමට අයත් ප්‍රදේශයේ 59 වැනි කිලෝ මීටර් කණුව ආසන්නයේ මෙම අනතුර සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

අනවසරයෙන් අධිවේගී මාර්ගයට වාහන ඇතුළුකර මේ ආකාරයට රේස් පැදීමට තරුණයින් පෙළඹී ඇතැයි කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්ත මහතා මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී සදහන් කළේය.

පැදිය මෝටර් රථය පසු පසින් ගමන් කර ඇති බවත් වාහන දෙකම කුරුණෑගල දෙසට ගමන් කර තිබෙන බවත් අජිත් රෝහණ මහතා පැවැසීය. මෙම රේස් පැදිල්ලෙන් අවසානයේදී තරුණ ජීවිත දෙකක් රටට අහිමි වූ බවද අජිත් රෝහණ මහතා කීය..

එම තරුණයින් වදාකඩ සහ ගින්නේරි කන්ද යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් ඔවුන් වයස අවුරුදු 19 ත් 24 ත් වයස්වල පසුවූවන් බවත් අජිත් රෝහණ මහතා පැවැසීය. මෝටර් රථයේ පස් දෙනෙක් ගමන් කර ඇති බවත් ඒ අයගෙන් දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් බවත් නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්ත මහතා පැවැසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්