ගෑස් ආනයනයට රජය මැදිහත්වේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවට ඉදිරියේදී ගෑස් ආනයන කිරීම සඳහා රජය මැදිහත් වීමට සැලසුම් කර ඇති බව  පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටී .

ගෑස් මිලදීගැනීම අනාගතයේදී භාණ්ඩාගාරයේ ඉහළ මට්ටමේ මණ්ඩලයක මැදිහත් වීමෙන් සිදුකරන බවත් ගෑස් ආනයනයේදී සිදුවන්නේ යැයි කියන දූෂණ, අක්‍රමිකතා සහ කොමිස් ගැහිලි සියල්ල ඒ අනුව නතර වන බවත් අමාත්‍යවරයා මාධ්‍ය වෙත  පැවසීය .

අමාත්‍යවරයා පැවසුවේ එම තීරණයත් සමඟ අක්‍රමිකතා නිසා සමාගම්වලින් ඉවතට ගිය මුදල් විශාල ප්‍රමාණයක් ඉතිරි කරගැනීමේ හැකියාව ලැබෙන බවත්ය.