ගෑස් මිල ඉහළ නොදමන බවට රජය තීරණය කරයි

Picture of අසංක

අසංක

මේ මොහොතේ ගෑස් මිල ඉහළ දැමීමක් සිදුනොකළ යුතු බවට අමාත්‍ය මණ්ඩල අනු කමිටුව තීරණය කරයි.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමන ලෙස ගෑස් සමාගම් විසින් සිදුකර ඇති ඉල්ලීම් පිළිබඳව තීරණයක් ගැනීම සඳහා අමාත්‍ය අනුකමිටුව අද (21) පෙරවරුවේ රැස් විය.

ඒ අනුව එම අවස්ථාවේ ගෑස් මිල ඉහළ දැමීමක් සිදුනොකළ යුතු බවට එහිදී තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේය.