නවතම පුවත්

ගෑස් හිඟය දින හතරකින් අවසන් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

230
Views

තවත් දින 04 කින් පවතින ගෑස් හිඟය සම්පූර්ණයෙන්ම අවසන් වන බව ලිට්‍රෝ සමාගම පවසයි මේ වන විට දෛනිකව වෙළඳපොලට නිකුත් කරන ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව 120,000 ක්. බස්නාහිර පළාතේ මෙන්ම ගාල්ල, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ගෑස් ලබාගැනීම සඳහා දැනට පවතින පෝළිම් හෙට උදෑසන වන විට අවසන් වනු ඇතැයි ලිට්‍රෝ සමාගමේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු මධ්‍ය වෙත පැවසීය

රෝහල් ඇතුළු අත්‍යවශ්‍ය කටයුතු සඳහා මෙන්ම ධීවර කටයුතු සහ හෝටල් සඳහා ද ගෑස් ලබාදීමේදී ප්‍රමුඛත්වයක් ලබාදී තිබෙ.

දෙමටගොඩ සහ මරදාන ප්‍රදේශවල පිහිටි මහල් නිවාස සංකීර්ණ සඳහා අවශ්‍ය ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ලබාදීම ඊයේ රාත්‍රීයේ සිදු කෙරුණා. ඒ, මරදාන සහ දෙමටගොඩ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීමකට අනුවයි.

පොලිස් ආරක්ෂාව යටතේ මෙලෙස ගෑස් සිලින්ඩර් ලබාදීම සිදුකළ අතර එහිදී ගෘහස්ථ ගෑස් සිලින්ඩර් දහසකට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර තිබෙනවා. කොළඹ 07 මල්පාර ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණ සඳහා ද ගෑස් සිලින්ඩර් ලබාදීම අද දිනයේ සිදුකරන බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ.

කොළඹ 01 සිට 15 දක්වා පිහිටි සියලු මහල් නිවාස සංකීර්ණ සඳහා ගෑස් ලබාදීම කඩිනමින්ම අවසන් කරන බවයි ලිට්‍රෝ සමාගමේ එම ජේ්‍යස්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.

දින 10 ක් සඳහා අවශ්‍ය ගෑස් තොග මේ වන විට ලිට්‍රෝ සමාගම සතුව පවතිනවා. ගෑස් නැව් 03 ක් සඳහා අවශ්‍යවන ඩොලර් මිලියන 10 ක මුදලක් ද ඉකුත් සඳුදා දින පස්වරුවේ ලබාදී තිබෙ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්