නවතම පුවත්

ගිනිගත් නැව අයිති සමාගමට එරෙහිව නඩු දාන්න අගරදගූරු නායකත්වය ගනී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

මුහුදුබත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා ධීවර ජනතාවට වූ හානිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට නායකත්වය දීමට තමා සූදානම් බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ඊයේ (02) සදහන් කළහ.

වැඩිදුරටත් කරුණූ දැක්වූ අගරදගුරු හිමියෝ,

“දැන් අපේ ධීවර ජනතාවට විශාල හානියක් සිදුවෙලා තියෙනවා මේ නැවෙන්. මේ වරාය භාර ඇමතිතුමා සහ එතුමාගේ ඒ මණ්ඩලය මේ පිළිබඳව හරිආකාර පිළිතුරක් අපිට දීලා නෑ. මේ නැව එනකොට මේ නැව ගිනි ගනිමින් තිබුණා කියලා දවස් ගණනාවකට පස්සේ අපි පත්තරවල දැක්කා පින්තූර නැව තුළින් යම් ධූමාරයක් එනවා. ඒ වෙලාවේවත් මුකුත් කළේ නෑ. මේ නැව ගැඹුරු මුහුදට අරන් යන්න. මේ නැව ප්‍රතික්ෂේප කරන්න. දැන් මුහුදු වෙරළ ඔක්කෝම විනාශ කරලා, මත්ස්‍ය සම්පත ඔක්කෝම විනාශ වුණාට පස්සේ දැන් සුදු ළූණු පොඩි කරන්න එනවා. ඒ නැවේ තියෙන තෙල් සේරම කාන්දුවෙලා මුළු මුහුදු වෙරළයි රස්සාවයි ඔක්කෝම නැතුව යනවා අපේ ධීවර ජනතාවට. ඒකට අපිට ඉඩදෙන්න බෑ. ඒක නිසා අපි දැන් ධීවර සංවිධානවලින් ඉල්ලා සිටිනවා ඔක්කෝමල්ලා එකතුවෙලා මේ කොම්පැනියට විරුද්ධව නඩු මාර්ගයට බසින්න කටයුතු කරන්න. ඒ පිළිබඳව නායකත්වය දෙන්න මම බලාපොරොත්තු වෙනවා. මේ රටේ බොරු ගේම් ගෙනියන්න අපිට ඉඩදෙන්න බෑ. මේ කොවිඩ් එකට විරුද්ධව එන්නතක් ගෙන්න ගන්න තරම්වත් සල්ලි නෑ. අපි හිඟාකන තත්ත්වයට වැටිලා. මම යෝජනා කරන්නනේ මේ නැව ගිලෙන්න නොදී පුළුවන් තරම් ගැඹුරු මුහුදට ගෙනියන්න පුළුවන් තරම් උත්සහ කළ යුතුයි. එහෙම නැත්නම් නැවේ ඉන්ධන සම්පූර්ණයෙන් ම ඉවත් කළ යුතුය.“ යැයි කාදිනල් හිමියෝ වැඩිදුරටත් සදහන් කළහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්