ගිනිගත් නැව ගිලෙයි

Picture of අසංක

අසංක

කොළඹ වරායට නුදුරින් මුහුදේ ගිනිගත් MV X-Press Pearl නෞකාවේ පිටුපස කොටසේ ඇති වූ ජල කාන්දුවක් හේතුවෙන් එම නෞකාව ගිලෙමින් පවතී.

එහි තෙල් මෙට්‍රික් ටොන් 300ක් පමණ තිබෙන බවත් කාන්දුවක් වුවහොත් එසේ වුවහොත් එහි බලපෑම දික්ඕවිට ප්‍රදේශයේ සිට මීගමුව කැපුන්ගොඩ ප්‍රදේශ දක්වා විහිදෙනු ඇතැයි අනුමාන කෙරේ.

නැවේ පිටුපස කොටසේ ඇති වූ ජල කාන්දුවක් හේතුවෙන් නැව් පිටුපස කොටසෙහි ස්ථායීතාවය ගිලිහී යාම නිසා හදිසි තතත්වයක් මතුවූ බවට ශ්‍රි ලංකා සමුද්‍ර දූෂන මර්දන අධිකාරිය නිවේදනය කර තිබුණි.

ධීවර දෙපාර්තමේන්තුව විසින් මීගමුව කලපුවේ සිට පානදුර දක්වා මුහුදු ප්‍රදේශයේ මසුන් ඇල්ලීම සඳහා තාවකාලික තහනමක් පනවා තිබේ.

ධීවර කටයුතු සඳහා මීගමුව කලපුව හරහා යාත්‍රා කිරීම ද තහනම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.