ගුරු වැටුප් ප්‍රශ්නය ගැන කැබිනට්ටුවේදීත් තීරණයක් අගමැති අද සාකච්ඡාවට

Picture of Roshan

Roshan


ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ලද කැඳවීමකට අනුව  ගුරු- විදුහල්පති සංගම් නියෝජිතයන් සමඟ අද (12) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

අද දහවල් 12ට කොළඹ අරලියගහ මන්දිරයේදී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව ගුරු සංගම් සහ  රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ද පවසා තිබුණි.

ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා අදියර වශයෙන් ඉවත් කිරීම සඳහා නිර්දේශ කිරීමට පත්කළ අමාත්‍ය අනුකමිටුවේ යෝජනාවලට අදාළව රජයේ ස්ථාවරය එහිදී ප්‍රකාශයට පත්කෙරෙනු ඇති බව සඳහන් ය.

ඊයේ පැවති කැබිනට් හමුවේදී ද තීරණය වී ඇත්තේ අදියර 3කින් ගුරු වැටුප් ගැටලුව විසඳීමටත් වැටුප් විෂමතා ඉවත් කිරීමේ නව යෝජනාව ලබන 12 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අයවැය ලේඛනයට ඇතුළත් කිරීමට ය.

මේ අතර ගුරු – විදුහල්පති වැටුප් ගැටළුව විසඳීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (11) පස්වරුවේ අරලියගහ මන්දිරයේදි පැවැත්විණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද එම අවස්ථාවට එක්ව සිටියහ.