පැතුම් වික්‍රමරත්න
ගුරු හා විදුහල්පති සේවාවන්වල පවතින වැටුප් විශමතාවයට විසඳුම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරු හා විදුහල්පතිවරුන් මැයි මස 9,10 යන දිනයන්හි පැවැත්වීමට නියමිත තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවා ඇත.
වෘත්තීය ක්‍රියාමාර්ගයට සම්බන්ධවන වෘත්තීය සමිති රැසක නියෝජිතයන්ගේ අත්සනින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වේ.
පසුගිය පාස්කු ඉරිදා(21) දින එල්ලවූ මරාගෙන මැරෙන මිලේච්ඡ බෝම්බ ප්‍රහාර හේතුවෙන් රටතුළ උද්ගතව ඇති අනාරක්ෂිත සහ ව්‍යාකූල වාතාවරණය හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පසුවට කල් තැබූ බව වෘත්තීය සමිති නියෝජිතයෝ මෙම නිවේදනයේ සඳහන් කර ඇත