මෙරට සියලුම ගුවන්තොටුපලවල ශ්‍රී ලාංකික ප්‍රභූන් සදහා ඇති ප්‍රභූ පර්යන්තයන්හි (VIP ) සහ විශේෂ සත්කාර ගුවන් මගීන් සදහා වන “සේද මාවත” ( CIP) ගුවන් මගී පර්යන්තයන්හි මගී නිශ්කාශන රාජකාරී කටයුතු හෙට (06) දින අලුයම 12.00 සිට අත්හිටුවීමට ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය තීරණය කරයි.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඇතුළු රටේ අනෙකුත් ගුවන් තොටුපළ තුළ ඇති ප්‍රභූ පර්යන්ත සඳහා මෙම පියවර අදාළ වේ.
උද්ගත වී ඇති ආර්ථික අර්බුදකාරී තත්වය විසඳීම සදහා ජාතික වැඩපිළිවෙළක් සකස් කර , නිශ්චිත විසදුමක් ලබා දෙන තෙක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග තුළ නියැලෙන බව ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.