ගුවන් තොටුපලේ නිරෝධායන මෙහෙයවු හමුදා මේජර්වරයෙකුටත් කොරෝනා

Picture of අසංක

අසංක

ඉතාලිය ඇතුළු නිරෝධායනට එක් කර ගත් ගුවන් මගීන් මෙහෙයවීම්වල නිරතව සිටි යුද හමුදා මේජර්වරයෙකුට කොරොනා වෛරසය වැළදී ඇති බව යුද හමුදාව තහවුරු කර තිබේ.


කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් පෙනී සිටි මෙම නිලධාරියා යුද හමුදා විශේෂ බළකාය නියෝජනය කරන බව යුද හමුදා ආරංචි මාර්ග සදහන් කරයි.


ස්වයං නිරෝධායනයට විරුද්ධ බව හුවා දක්වමින් කළහකාරි ලෙස හැසුරුණු ශ්‍රි ලාංකේයන් සමග උරෙන් උර ගැටී කටයුතු කළ, නිරෝධායනයට ඔවුන්ව යොමු කිරීමට වෙහෙස වු නිලධාරියෙකුට මෙලෙස කොරෝනා වෛරසය වැළදී තිබේ.


16 වැනිදා රාත්‍රියේදී මේ බව තහවුරු වීමත් සමග හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ කාර්යාල ඇතුළු ස්ථාන කිහිපයක් විෂබීජ හරණයට ලක්කර තිබේ.