නවතම පුවත්

ගෙවුණු වසර හයේදී 5 වතාවක් ෆිච් රේටින් ශ්‍රී ලංකාව පහත හෙළලා

අසංක

අසංක

ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම් ෆිච් (Fitch) ආයතනය විසින් පසුගිය වසර 6 තුළ 5 වතාවක් ශ්‍රී ලංකාවේ පහත හෙළා ඇත.

ඒ 2015 දෙසැම්බර් සිට 2021 දෙසැම්බර් දක්වා කාලසීමාවේදී ය.

Fitch Ratings Inc. යනු ඇමරිකානු ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයකි.

එය ලොව ප්‍රධානතම ‘ණය ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනවලින්’ එකක් වේ.

අනෙක් ආයතන දෙක වන්නේ මූඩීස් සහ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ය.

කෙසේවෙතත් එම කාලය තුළදී ශ්‍රී ලංකාවට සාපේක්ෂව කලාපීය අනෙකුත් රටවල් සිය ශ්‍රේණිගත කිරීම් ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට සමත් වී ඇත.

ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම් ෆිච් (Fitch) ආයතනය විසින් මෙලෙස ශ්‍රී ලංකාව පහත දැමීමට හේතු වූ ප්‍රධාන කරුණු 5 ක් වෙරිටේ රිසර්ච් ආයතනය මෙලෙස උපුටා දක්වයි.

ආනයන ආවරණයේ මාස අනුව ගත් කළ ශ්‍රී ලංකාවේ ප්‍රයෝජනයට ගත හැකි සංචිත 2015 අවසානය වන විට ආනයනික මාස 4 සිට 2021 අවසානය වන විට ආනයන මාස 1 දක්වා ක්‍රමයෙන් පහත වැටී තිබේ.

ශ්‍රී ලංකාව විදේශ ණය ආපසු ගෙවන බවට තහවුරු කර සිටියදීත් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහත වැටීමට මෙම සංචිත පහත වැටීම ප්‍රධාන හේතුවකි.

ආනයන මාස අනුව ගත් කල 2021 සඳහා දළ නිල සංචිත මාස 0.95 ක් වේ. 2020 සඳහා මාස 4.25 කි.

1975 සිට සංචිත අගයන් සැලකීමේදී, සංචිත ආනයන මාස 1කට වඩා අඩු වූ ප්‍රථම අවස්ථාව 2021 බව සඳහන් කිරීම වැදගත්ය.

 

 

මෙම දත්ත හා කරුණු උපුටාගන්නා ලද්දේ, ආර්ථික විද්‍යාව, දේශපාලනය, නීතිය සහ ජනමාධ්‍ය යන ක්ෂේත්‍රයන්හි ආසියාව සඳහා උපායමාර්ගික විශ්ලේෂණ සපයන ස්වාධීන චින්තන පර්ෂධයක් වන වෙරිටේ රිසර්ච් ආයතනය විසින් මෙහෙයවනු ලබන PublicFinance.lk ඇසුරිනි.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්