නවතම පුවත්

ගෝඨාභයගේ ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ නඩුව කල් යයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 33.9 ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාල නඩුව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන වසරේ ජනවාරි මස 9 දා කැදවීමට ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරනය අද නියෝග කළා.

මෙම නඩුවේ සාක්ෂි විමසීම දෙසැම්බර් මස 20 දා තෙක් සිදු නොකරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බැවින් නඩුවේ සාක්ෂි විමසීම අද දින සිදු නොකරන බව ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරණය අද දැනුම් දුන්නා .

අද දින මෙම නඩුව විනිසුරු සම්පත් අබේකෝන්, විනිසුරු සම්පත් විජේරත්න සහ විනිසුරු චම්පා ජානකි රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවන ලදී. ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය නඩුව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මූලික විරොධතා ප්‍රතික්ෂේප කිරීමට ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරනය ජනවාරි මස 11 දා නිකුත් කළ නියෝගයට එරෙහිව අභියාචන පෙත්සම රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලදී.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරනයේ සාක්ෂි විමසීම අද දින ආරම්භ කිරීමට නියමිතව තිබුණි .
අද දින අධිකරණයේ පෙනී සිටි සාක්ෂිකරුවන්ට නැවත දැනුම් දීමක් ලැබුණු පසුඅධිකරණයේ පෙනී සිටීමට අවවාද කරන ලදී .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්