නවතම පුවත්

“මත්ද්‍රව්‍ය ගැන ප්‍රතිපත්ති හෙළිකරන්න” – සියලුම ජනපති අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක්

අසංක

අසංක

‘මත්ද්‍රව්‍ය හා මධ්‍යසාර’ සම්භන්ධයෙන් වන තම ප්‍රතිපත්තිය කුමක්ද යන්න ජනාධිපතිවරණයට පෙර රටට හෙළි කරන ලෙසත් එය තම ප්‍රතිපත්ති ප්‍රකාශන තුලට ඇතුලත් කරන ලෙසත් මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය ( adic ) සමග දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය මෙවර ජනපතිවරණයට ඉදිරිපත්වන සියලුම අපේක්‍ෂකයින්ගෙන් ඉල්ලා සිටී .

රටේ මීළඟ නායකත්වයට පත්වන පුද්ගලයා ජනතාවගේ සෞඛ්‍යයට සහ ආර්ථිකය යහපත් කිරීම සම්භන්ධයෙන් කටයුතු කරන ආකාරය ජනතාව දැනගත යුතු බවත් , දුම්කොළ අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය මහේෂ් රාජසූරිය මහතා කොළඹදී පවතී මාධ්‍ය හමුවකදී පැවසීය .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජසූරිය මහතා මෙසේද පැවසීය .

” සිගරට් සහ වෙනත් දුම්කොළ නිෂ්පාදන ජනතාවගේ සෞඛ්‍යයට සහ සංවර්ධනයට මාරු පහරක් එල්ල කරනවා . එමනිසා දුම්කොළ භාවිතාව අවම කරණ අකාරය පිළිබඳව ,මෙන්ම දුම්කොළ සමාගම් සමග ඉදිරියේදී ගනුදෙනු කරන අකාරය පිළිබඳවත් ජනපති අපේක්ෂකයින් ජනතාවට හෙළි කල යුතුයි.

එය ජනතාවට ඉතා වැදගත් කරුණක් . ජනතාව තම අපේක්ෂකයින් තෝරාගැනීමේදී එය සලකා බලනු ඇති බව විශ්වාසයි.

මෙහිදී අදහස් දැක්වූ මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පුබුදු සුමනසේකර මහතා මෙසේ පැවසීය ,

දුම්කොළ සමාගම් සමග රජයක් සිදුකරන සියලු ගනුදෙනු විනිවිද පෙනෙන ආකාරයට සිදුවිය යුතුයි.

ජනපති අපේක්ෂකයින් ඒ ගැන තම ප්‍රතිපත්තියත් රටට හෙළිකිරීම ඉතා අවැදගත් .දුම්කොළ සමාගම් වලින් ඉදිරියේදී රජයේ වැඩකටයුතු වලට අනුග්‍රහය ලබනොගැනීමට ඉදිරියේ පත්වන ජනපතිවරයා වගබලා ගතයුතුයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්